නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් කසළ බදු නොගෙවන ව්‍යාපාරික ස්ථානවලින් දෛනිකව එකතු වන කැලි කසල එකතු නොකිරීමට අද(08) දින සිට පියවර ගෙන තිබෙනවා.
මධ්‍යම පළාත් පාලන ආයතනය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් තම බල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානවලින් මසකට රුපියල් 200ක් බැගින් වාර්ෂිකව රුපියන් 2400ක මුදලක් කසළ බද්ද වශයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ගෙවන ලෙසට දැනුවත් කර තිබියදී බගවන්තලාව නගරයේ වෙළෙඳ සංගමය එම බද්දට විරුද්ධව විරෝධය පාමින් වෙළෙඳ සැල් වසා දමා පසුගියදා උද්ඝෝෂණයකද නිරතව තිබෙනවා.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව වෙත කසළ බදු නොගෙවූ බගවන්තලාව නගරයේ වෙළෙඳ සැල්වල බදු මුදල් නොගෙවූ ස්ථානවලින් කැලි කසල භාර ගැනීම එම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ විසින් ප්‍රතික්ෂේප කිරීම හමුවේ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් විසින් අද (08) දින ගොස් එම කසල බද්ද ගෙවූ බවයි ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙක් කියා සිටියේ.
කැළිකසළ වෙන් කර ලබාදෙන ලෙස බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව තම නගර සභාවෙන් කොතෙක් දැනුවත් කලද එම ක්‍රමය අනුගමනය නොකරන බවයි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.













