අනුරාධපුර කලා වැව ආශ්‍රිතව සිදු කරන ජපන් ජබර ශාඛ මුළුමනින්ම ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වුණා.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය ලබන 7 වැනිදා දක්වා අනුරාධපුර, කලාවැව වැව් පිට්ටනියේ කලාගම සහ බලලුවැව වැව් පිට්ටනිය ආශ්‍රිතව පැවැත්වෙනු ඇති.
එහිදී අක්කර 8 ක පමණ ප්‍රදේශයක පමණ පැතිර ඇති ජපන් ජබර හා ආක්‍රමණශීලී ශාඛයක් වන අගඩා පැළ ද ඉවත් කිරීම සිදු කෙරෙනවා.
වන අලින්ගේ වාස භූමි, තිරසර ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යලය මඟින් මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදු කරනවා.