වසර 13ක් තිස්සේ නිම කිරීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ ජනාධිපතිවරයා අද නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය.
2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද, තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නොමැත. ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ.