ඉදිරියේදී රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ වැව් පෝෂක ප්‍රදේශය්නට ලැබෙන අධික වැසි සහ ඉදිරියේදී ඇති විය හැකි කුණාටු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට නියමිත බවයි.
එසේම ජලාශයන්හි ජලය ස්ථායි මට්ටමක පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගන්නා බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
අංගමුව ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමට ලංවෙමින් පවතින බවත් එම නිසා එහි දොරටුද විවෘත කිරීමට සිදුවන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කලාඔය පහළ ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙසටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.