කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ග්‍රාම නිලධාරීවරුන් ආපදා සහන සේවා රාජකාරී කටයුතුවලින් අද (20) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ කල්පිටිය ශාඛාව, කල්පිටිය වැඩබලන සහකාර ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා ප්‍රියදර්ශනී මහත්මියට ලිඛිතව දැනුම්දී තිබෙනවා.
ආපදා තත්ත්වය යටතේ ජන ජීවිතය යථාවත් කිරීමේ රාජකාරීවලදී නිලධාරීන්ට බැණවැදීම්, තර්ජනය කිරීම් සහ සාපරාධී බලහත්කාරය පෑම ආදී කාරණ හේතුවෙන් ග්‍රාම නිලදාරිවරුන් මෙම තීරණයට එළැඹ ඇති බවයි පවසන්නේ.
මේ වන වන විට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු පහරකැමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබා තිබෙනවා.
එසේම තවත් සංවර්ධන නිලධාරියෙක් සාපරාධී බලහත්කාරය පෑම යටතේ කාන්තාවකට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
බැණ වැදී තර්ජනය කිරිම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් දෙදෙනේක පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
- ලංකාදීප













