දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් හෙට(12) දිනයේ සිට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය කියා සිටියේ හෙට(13) සිට එළැඹෙන 20 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිත බවයි.
විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2086කදී පැවැත්වීමට නියමිත අතර මධ්‍යස්ථාන 325ක් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙසත් ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක්ද පිහිටුවා තිබෙනවා.
පැවැති ආපදා තත්ත්වයන් හේතුවෙන් ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතා පත්‍ර අස්ථානගත වී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට විභාග අපේක්ෂකයින්ට අවස්ථාව උදාවන බවටද වාර්තා වනවා.













