ඉන්දියාවේ කල්කටා නුවර පැවති 31 වැනි අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම සම්මානයක් වූ හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වූ ” රිවස්ටන් ” (Riverstone ) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ලලිත් රත්නායක මහතාට හිමි වී තිබූ අතර , එය භාර ගැනීමට එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙකු වූ ප්‍රහාත් රෝෂන් මහතා ඉන්දියාවට ගොස් තිබූ අතර , ඔහු එම සම්මානයත් රැගෙන ඊයේ දින රාත්‍රීයේ ශ්‍රී ලංකාවට පැමිණ තබුණා .
මෙම සිනමා උළෙල ලෝකයේ රටවල් 100 ක පමණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ කල්කටා නුවර ඉකුත් 11/06 දින සිට 11/13 දින දක්වා පවත්වා තිබුණි .
එහිදී මෙම සම්මානය සමග චිත්‍රපට අධ්‍යක්ෂ ලලිත් රත්නායක මහතා වෙත ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා ඉන්දියානු රුපියල් 2.1 ක මුදල් ත්‍යාගයක් ද හිමි වී තිබුණි .
මෙම චිත්‍රපටයට මීට පෙර චීනයේ ෂැංහයි නුවර පැවති සිනමා උළෙලකදී ද සම්මානයට හිමි වී තිබූ අතර , ඉදිරියේදී තවත් ලෝකයේ රටවල් ගනනාවක පැවැත්වෙන සිනමා උළෙල කීපයකටම සහභාගී වීමට නියමිතය .











