විවිධ වැඩසටහන් යටතේ සංවර්ධන ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මක කෙරෙනවා.
ආපදාවලින් විනාශ වූ නිවාස ඇතුළු යටිතල පහසුකම් මෙන්ම පුනරුදයට මඟ වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන කටයුතු ද ඒ අතර වනවා.
පුනරුදයට මඟ වැඩසටහන යටතේ කලවාන මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධනය කළ මාර්ග 8ක් ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදුකෙරුණා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
කලවාන සල්ගහයට මාර්ගය සහ පිටිගල කන්ද දකුණු කුකුලේගම මාර්ගය ඒ අතර වනවා.
කුඩව කෙටලපත්තල මාර්ගය, කුඩුමීරියට මාර්ගය, පනාපොල කොස්ගුලන මාර්ගය ද සංවර්ධනය කෙරුණා.
පොතුපිටිය මදිරිංගවත්ත මාර්ගය, සයිප්‍රස්වත්ත මාර්ගය සහ රඹුක බෝපිටිය මාර්ගය ද මෙලෙස සංවර්ධනය කළ මාර්ග අතර වනවා.
මෙම මාර්ග අටෙහි සංවර්ධන කටයුතු සඳහා වැයකර ඇති මුදල රුපියල් අටකෝටි අනූහතර ලක්ෂයක්.
සබරගමු පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන සැපයූවා.
මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත සුමිත් සෝමදාස, උප සභාපති කපිල හේමන්ත යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් සහභාගි වුණා
මේ අතර ආපදාවලින් රඹුක්කන ප්‍රදේශයේ පවුල් රැසකට නිවාස අහිමි වුණා. එවැනි පවුල් 300ක් සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකෙරෙනවා.
රඹුක්කන වලල්ගොඩ මහෝ රක්ෂිතයේ අක්කර 100ක් ඒ සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා පවසන්නේ.













