එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා එක් කර ඇති බව වාර්තාවනවා.
ඒ ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අයි සී සී විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන්.
මෙම සංචාරය ලබන මස 11දා ආරම්භ වීමට නියමිතයි.
තරග තුනකින් යුත් එක්දින තරගාවලියක් සහ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව සහභාගි වන විස්සයි20 තුන්කොන් තරගාවලියක් ඒ යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
විස්සයි20 තරගාවලිය සඳහා වන 22කගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර, ඔවුන් මේ දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටින බවට වාර්තාවනවා.
භානුක රාජපක්ෂ මේ වසරේ ජනවාරි මාසයෙන් පසුව සහ ධනංජය ද සිල්වා 2024 වසරේ ජුනි මාසයෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට එක්ව සිටියේ නැහැ.
කෙසේ වෙතත් උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීම සදහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටින බවයි වාර්තා වන්නේ.