පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල පිතිකරුවෙකු ලෙස භානුක රාජපක්ෂ එක්වීමට නියමිත බව වාර්තා වනවා.
අවසන්වරට පසුගිය ජනවාරි මාසයේ නවසීලන්තයේදි විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර ඇති ඔහු , නැවත කණ්ඩායමට එක්වන්නේ මාස 10කට පමණ පසුවයි.
මේ අතර ආබාධවලට ලක්වූ වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ද හෙට තරගය සදහා ක්‍රීඩා කිරිමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව, නුවන් තුෂාර, එෂාන් මාලිංග සමග දුෂ්‍යන්ත චමීර වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වීමේ හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.
හෙට තරගයට වනිඳු හසරංග ද ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණා.
එම තරගයෙන් කඩුලු 5කින් ජයගැනීමට පාකිස්තානය සමත්ව තිබෙනවා.













