මාතෘකාව – ජාත්‍යන්තර කරාටේ තරගාවලියේන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා ගැනීම සදහා ඊට දායක විය හැකි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පාසල් සමස්ත ලංකා රන් පදක්කම්ලාභී සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යයා පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ පාසල් කරාටේ තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනූ අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යයාට ජාත්‍යන්තර කරාටේ තරගාවලිය සඳහා සහභාගි වීමට අවශ්‍ය මුදල් වෙනුවෙන් අනුග්‍රාහකයෙකු හෝ දානපතියෙකුගේ සහාය අවශ්‍ය බව එම දෙමව්පියන් පවසයි.
2024 දකුණු ආසියානු, ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලින් සඳහා තෝරා ගැනීම් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වනු ලැබූ මෙම සමස්ත ලංකා පාසල් කරාටේ තරගාවලියේ දී වයස අවුරුදු 18 න් පහල තරඟයෙන් රන් පදක්කම දිනා ගැනීමට සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යයා සමත් වූ අතර මේ වන විට මේ මස 17 සිට 21 දක්වා භූතානයේ පැවැත්වෙන දකුණු ආසියානු කරාටේ තරගාවලිය සඳහා සහභාගිවීමට මෙම ශිෂ්‍යයා සුදුසුකම් ලබා තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යයාගේ පියා වඩු කාර්මිකයෙකු වන අතර දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ සිටින බැවින් ජාත්‍යන්තර තරඟ සඳහා මුදල් සොයා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව එම දෙමව්පියන් පවසයි.