කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ නිෂ්පාදන අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී පුලුල් ලෙස සාකච්ඡාවට ලක් වුනා.
ව්‍යවසායකත්ව දායකත්වය ඉහළ නැංවීම හා වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වන ආදායම ඉහළ නංවා ගැනීමත් මෙහි අරමුණ වී තිබෙනවා.
ඒ අනුව කර්මාන්ත කලාප පිහිටුවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන ලබා දීම සහ අපනයන ක්ෂේත්‍රයේ පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වුනා.
සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා සකච්ඡාවට ලක් කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කිරීම කඩිනම් කරන ලෙසයි.
කර්මාන්ත අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන විසින් දැනට සපයනු ලබන සේවාවන් ඒකාබද්ධ කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














