කර්මාන්ත ගොඩනැගීම සඳහා රජයක් වශයෙන් දිය හැකි පූර්ණ සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා .
ඇය මේ බව සදහන් කලේ කොළඹ පැවති උත්සවයකදීයි .
කාර්මික විශිෂ්ඨත්වය සදහා වන 2025 C N C I ජයග්‍රාහක සම්මාන උළෙල කොළඹ දී පැවැත්වුණා.
ඒ සදහා ප්‍රධාන ආරාධිතයන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති ,නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියා .
මෙහිදී ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ආයතන රැසකට සම්මාන පිරිනැමුණා.
මේ අතර අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී පැවසුවේ කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු පහසුකම් එක් ස්ථානයකින් ලබාදීම අරමුණ බවයි.
ලබන වසරේ සෑම පළාතකටම කර්මාන්ත මධ්‍යස්ථාන පිහිටුවීමට ද ක්‍රියා කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.













