කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව මුණසිංහ අද උදෑසන මිය ගොස් තිබෙනවා.
අද උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට ගොස් සිටියදි ඔහු ඇද වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මියගිය සභාපතිවරයාගේ මෘත දේහය මේ වන විට කරන්දෙණිය, බොරකන්ද ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නැහැ.
මියයන විට ඔහු 47 වැනි වියේ පසු වුණා.