රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විස්කි සහ කරදමුංගු තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් සූක්ෂම ලෙස රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (06) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශ සංචාරයක නිරත වී ආපසු පැමිණෙමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොවුන් කොළඹ සහ හැටන් ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.
අද අලුයම 01.00 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.