පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසයෙන් නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට තරගකර තේරී පත්වූ සභිකයන් 69 දෙනෙක් ඊයේ(06) දිවුරුම්දී තිබෙනවා.
කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබුවා.
මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික මරදපාන්ඩි රාමේෂ්වරම් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් සහභාගි ව තිබෙනවා.
මෙම දිවුරුම්දීමේ උත්සවයේදී අදහස් දැක්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේක්ම ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බවත් එම සාකච්ඡාවලදී ගනු ලබන තීරණ ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවත්ය.