කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට අද විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
මෙම සාකච්ඡාව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වන බවයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ.
කෙසේ වෙතත් ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.