‘‘කප්තුරු සවිය” උතුරේ පොල් වගාකිරීමේ ව්‍යාපෘතිය හෙට පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත්වීමට නියමිතයි.
මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කළේ.
2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ වුණා.
2027 වර්වෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා වැඩි කිරීමට සුදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
යාපනය , මුලතිව් , මන්නාරම උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට මෙන්ම උතුරේ පළමු බීජ ගොවිපල, පලෙයි නගරයේ ආරම්භ කිරීමටද සැළසුම් යොදා තිබෙනවා.