මලයාලම් ප්‍රජාව උඩරට පහතරට යන බලප්‍රදේශ දෙකේම ජීවිකාව කරමින් සොච්චම් ආදායමක් ලබමින් තේ කර්මාන්තයට සහ අපනයනවලට සුවිශාල දායකත්වයක් ලබා දුන්නත් මේ කැපකිරීම්වලට සරිලන උසස් ජීවන තත්ත්වයක් උදා වී නොමැති බවත් මේ ගැන ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස ලැජ්ජා විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුව ප කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමාදස මහතා පවසනවා.
කඳුකර දෙමළ ප්‍රජාවගේ ජනජීවිත සම්බන්ධයෙන් කඳුකර දෙමළ ප්‍රජාව නියෝජනය කරන තරුණ තරුණියන් විසින් ලබාගත්තු ඡායාරූප එකතුවක් අද “200+ අරගලයෙන් ඔබ්බට” යන තේමාව යටතේ කොළඹ දී පැවැති ඡායාරූප ප්‍රදර්ශනයක් හා එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.
තරුණ තරුණියන් රැසක් විවිධ සංවිධාන සමග එකට එකතු වී අපූරු ආකාරයේ ඡායාරූප කේන්ද්‍රීයව මලයාලම් ප්‍රජාව මුහුණ දෙන බරපතල ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අතිශය සංවේදී වන බවත් මේ ප්‍රශ්නවල ගැටලුවලට දුක්ගැනවිලිවලට තිරසර විසදුම් ලබා දීම වගකීම සහ යුතුකම බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
වසර 200ක ඉතිහාසය තුළ විශාල විදේශ විනිමයක් උපයා දුන් මේ ප්‍රජාවට ඉටු කර දුන් සීමාසහිත සේවාව ගැන කිසිසේත්ම සතුටු විය නොහැකි බවත් දැන්වත් මේවාගෙන් පාඩම් ඉගෙන ගෙන මලයාලම් ප්‍රජාවට උසස් ජීවන මට්ටමක් ලබාදෙන නව වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිගන්නා බවත් තේ අර්බුධයේ ඇති මානුෂීය පැත්ත ගැන කතා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.