ලිඳුල, සෙන්කූමුස් වත්තේ සැරිසරන කඳුකර කොටියෙකු හේතුවෙන් එම වතු යායේ වතු කම්කරුවන් දැඩි භීතියට පත්ව සිටිනවා.
දිනපතා රාත්‍රී කාලයේදී තම නිවාස අසලට පැමිණෙන කඳුකර කොටියා තම නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු පිනිස රැගෙන යන බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් තම වතු යායේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියා අල්ලා වෙනත් සුදුසු පරිසරයකට ගෙන ගොස් මුදාහරින ලෙසත් ලිඳුල සෙන්කූම්ස් වතු යායේ වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා.
නිවසක ගෙමිදුලේ සිටි සුරතල් සුනඛයෙකු රාත්‍රීයේ කාලයේදී කඳුකර කොටියා විසින් ගොඳුරු කර ගන්නා ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන් තිබුණේ මෙලෙසින්.