හෙළයේ මහා සංස්කෘතික මංගල්ලය වන කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්ලයේ සිව් වන රන්දෝලි පෙරහැර මංගල්ලය අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
පෙරහැර මංගල්ලය අද රාත්‍රී 7.02 යෙදෙන සුභ මෙහොතින් ශ්‍රී දළදා මාලිගයේ සිට ගමන් ඇරඹීමට නියමිතයි.
ශ්‍රී දළදා මාළිගාවෙන් පිටත් වන පෙරහැර මංගල්ලය පිරහැර වීදියට පිවිස යටි නුවර වීදිය හරහා ගමන් කර ක්න්දේ වීදිය ඔස්සේ රජ වීදිය රජ වීදියට පිවිස යළිත් දළදා මාළිගය වෙත ගෙවදීමට නියමිතව තිබෙනවා.
අප වාර්තාකරුවන් සදහන් කළේ මේ වන විටත් පෙරහැර මංගල්ලය නැරඹීම සදහා විශාල ජනකායක් පෙරහැර වීදි සංචාරය කරනු ලබන මාර්ගය දෙපස රැස්ව සිටින බවයි.
මේ අතර මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහැර මංගල්ලයේ අවසන් මහා රන් දෝළි පෙරහැර මංගල්ලය හෙට රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයව තිබෙනවා.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියත්මක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
ඒ අනුව පෙරහැර පැවැත්වෙන කාල සිමාවන් තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනු ඇත.
කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම වාහන මහයියාව හන්දියෙන් හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකියි.
එමෙන්ම කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන මහයියාව ඩී එස් සේනානායක වීථිය ඔස්සේ ඒ ඒ ධර්මසේන මාවතෙන් හරවා තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කරවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වුනේ.