මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු කටුනායකදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු බවයි.
සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබෙනවා.
එලෙස මෙරටට පිටුවහල් කරන ලද සැකකරු දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ සැකකරු මෙරට රැඳී සිටියදී කන්ජිපානි ඉම්රාන් සමග නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු බවයි.
සැකකරුගේ බිරිය ඉන්දියාවේ පදිංචිව සිටින අතර සැකකරුද ඉන්දියාවට ගොස් සිටියදී ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.