මධ්‍යම කඳුකරය රැක ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අවදානම් කලාපයේ පවතින නිවාස 15,000 ක් හඳුනාගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ලබන වසර අවසන් වන විට එම ජනතාව වෙනුවෙන් නිවාස 8,000 ක් ඉදිකර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරයට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
මෙම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා.
මෙහිදී ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාව ද සභාගත කරනු ලැබුවා.










