කතාව නොව වැඩ කිරීමට මූලිකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට ප්‍රමුඛත්වය ලබාදීම වැදගත් බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
බොහෝ පුද්ගලයින් විවිධ මත පළකරමින් ජනතාව මුලා කිරීමට කටයුතු කළද වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ රට ගොඩනැගීම මූලික කරගත් වැඩපිළිවෙලක් අනුව බවයි ඒ මහතා ඊයේ දින කුරුණෑගල පැවති ජනරැළියට එක්වෙමින් කියා සිටියේ.