නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මහලේකම් පද්ම ප්‍රසාද් පාණ්ඩේ මහතාගේ නායකත්වයෙන් යුත් නේපාල පාර්ලිමේන්තු දූත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම රැස්වීමට සහභාගී වී සිටියා.
දින පහක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නේපාල දූත පිරිසට ෆෙඩරල් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ ලේකම් ආචාර්ය රොජ්නාත් පාණ්ඩේ, ඒකාබද්ධ ලේකම් ලක්ෂ්මි ප්‍රසාද් ගෞතම්, උප ලේකම් භෝජ්රාජ් ෂර්මා පෝඩෙල්, ෆෙඩරල් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ උප ලේකම් රේඛා උපාධ්‍යාය ඛනාල් යන අය ඇතුළත් වුණා.