කතරගම බලා යන පාද යාත්‍රාවට මේ වන විට දහසයදහසකට වැඩි බැතිමතුන් පිරිසක් එක්ව සිටිනවා.
කතරගම පෙරහැරට සමගාමිව සෑම වසරකම හින්දු බැතිමතුන් මෙම පාද යාත්‍රාව සිදුකරනවා.
පසුගිය 20 වනදා පාද යාත්‍රාව ආරම්භ වු අතර පළමු දිනයේම බැතිමතුන් දසදහසකට අධික පිරිසක් කතරගම බලා යාම සඳහා කුමන වනෝද්‍යානයට ඇතුලු වුණා.
ඊයේ දිනය වන විට 16000ක පිරිසක් පාද යාත්‍රාව හා එක්ව තිබෙනවා.
කිලෝ මීටර 9ක දුරක් කුමන හා යාල වනෝද්‍යානය හරහා කතරගම බලා බැතිමතුන් ගමන් කරනවා.
ඔවුන් ගෙන යන පොලිතින් හා ප්ලාස්ටික් වතුර බෝතල ආදි නොදිරන අපද්‍රව්‍ය හේතුවෙන් වනෝද්‍යානය අපිරිසිදු වීම වැළැක්වීමට වනජීවි නිලධාරීන් අවධානය යොමුකර තිබෙනවා.