කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
දේශපාලන පක්ෂ කාර්යාලයක් ආසන්නයේ තිබී අදාළ ජීව අත්බෝම්බය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ජීව අත්බෝම්බය විදෙස් රටක නිෂ්පාදිත එකක් බව සඳහන්.
සිද්ධිය වාර්තා වීමෙන් පසු ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ අදාළ අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය වී නොමැති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
- රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
- නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
- කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
- ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම













