අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලායාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
කෙසේවෙතත් අදාළ සිදුවීම වන අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපල පොලිසියේ කාර්ය භාර්ය නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මෙලෙස පොලිස් අත්අඩංගුවේ සිටියදී පලාගොස් තිබුණා.