ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන , වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද අලුයම භාර දී තිබෙනවා.
අද අලුයම 03.15 ට පමණ මෙම උණඩය ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන තිබූ අතර , පසුව ඇය විසින් එම උණඩය ශ්‍රී ලන්කන් ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
ඔවුන් මෙම උණ්ඩය මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී ඇති අතර , මෙම උණ්ඩය සොයා ගත් ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවකගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.
මෙම උණ්ඩය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.