දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්විය නොහැකි ගුවන් යානා සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පියවරක් ගෙන තිබෙනවා.
ඒ අනුව එලෙස පැමිණීමට නියමිත ගුවන් යානා ගොඩබසීමට නොහැකි හදිසි වාතාවරණයක් ඇති වුවහොත් එම ගුවන් යානා ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් යන ගුවන් තොටුපළ දෙක වෙත හරවා යැවීමටයි සැලසුම් කර ඇත්තේ.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මේ බව සඳහන් කර සිටියා.













