අනුර විදානගමගේ හෙවත් කජ්ජා ඝාතනය කළේ සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ඔහු තොරතුරු හෙළි කිරීම හේතුවෙන් බව බැකෝ සමන් නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති බව පොලිසිය පවසනවා.
ඝාතනයෙන් පසුව එම ඝාතනයේ වගකීම භාර ගැනීමට පිරිසක් සූදානමින් සිටියද දරු දෙදෙනා ද ඝාතනය වීම නිසා එහි වගකීම කිසිවෙකු භාර නොගත් බව බැකෝ සමන් නමැත්තා කී බව උස්ස පොලිස් නිලධාරියෙක් කියා තිබෙනවා.
බැකෝ සමන් නමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවද එම නිලධාරියා සඳහන් කළ බවද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.
කජ්ජාගේ ඝාතනයෙන් පසුව ඒ සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනාවලින් බේරීම සඳහා තමා කජ්ජාගේ බිරියගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ තුන හමාරක මුදලක් බැර කළ බව බැකෝ සමන් පිළිගත්තේ යැයි ද පොලිසිය පවසනවා.
එමගින් කජ්ජාගේ පවුලේ උදවිය සමග සබඳතාවක් ගොඩනගා ගැනීමට තමන් උත්සාහ කළ බවද සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.
තමන්ට කජ්ජාගේ දරු දෙදෙනා ඝාතනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බව බැකෝ සමන් ප්‍රකාශ කළ බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සම්පත් මනම්පේරි ප්‍රකාශ කර ඇත්තේ බැකෝ සමන් නමැත්තාගේ දැනුම්දීම මත ගිනි අවියක් ලබා දුන්නද එය ලබාදුන්නේ කජ්ජා ඝාතනය කිරීමට බව තමන් කිසිවිටෙක දැනි නොසිටි බවයි.
සම්පත් මනම්පේරී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ තහවුරු කර ගැනීමට තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කරන බවද පොලිසිය සඳහන් කරනවා.
එමෙන්ම කජ්ජා ඝාතනය කළ කාලවකවානුව තුළ සම්පත් මනම්පේරිගේ දුරකතන දත්ත වාර්තාවක්ද ලබාගෙන විමර්ශන කරන බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පවසනවා.
Source: ලංකාදීප පුවත්පත










