2023 වසරේ සිට මේ දක්වා ඖෂධ වර්ග 73ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා.
තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වූ ඖෂධවලින් 45ක් ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති අතර ඖෂධ 17ක් දේශීයව නිෂ්පාදනය කර ඒවා වේ.
ඉතිරිය පකිස්තානය, ජපානය, බංගලාදේශය වැනි රටවලින් ගෙන්වන ලද ඒවා වේ.
Flucloxacillin Cap ඖෂධ කාණ්ඩ 35 ක් මැයි මාසයේදී ඉවත් කර ඇති අතර මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසිනි.