ඖෂධ වර්ග 350ක් සඳහා දැඩි මිල පාලනයක් සහ නියාමනයක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මෙම පියවර මගින් පාරිභෝගිකයන්ට සාධාරණ මිලක් යටතේ ඖෂධ ලබා ගැනීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
නව පියවර ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම් අංශයේ සැලකිය යුතු වෙනසක් සනිටුහන් කිරීමක්.
මේ අනූව වෙළෙඳපොළේ දැනට පවතින ඖෂධ කිහිපයක මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු කිරීමට මෙම තීරණය මත හැකි වූ බවද ඔහු පැවසුවා.
මේ අතර අසාධාරණ ලාභ ඉපයීම මැඩපැවැත්වීම හා අත්තනෝමතික මිල ඉහළ දැමීම් වැළැක්වීමටද මෙමගින් හැකිවී තිබෙනවා.
එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ මහජනතාවට පහසුවෙන් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඖෂධ වෙළෙඳාම අධීක්ෂණය කරන බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව මෙම මිල පාලන යාන්ත්‍රණය රටේ ඖෂධ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට
- සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
- රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩවර්ජනයක













