ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්ය් පවසන්නේ තමිල්නාඩුවේ දකුණු ප්‍රාන්තයේ ශ්‍රේසන් ෆාමා ීරුි්බ ඡය්රප් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් පානය කිරීමෙන් පසුව මෙම දරුවන් මියගොස් ඇති බවයි.
එම දරුවන් මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වී තිබුණා.
එම සිරප් සාම්පලවල අවසර ලත් සීමාව ඉක්මවා ඩයිඑතිලීන් ග්ලයිකෝල් රසායනය අඩංගු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ .
මෙම තත්ත්වය හේතුවෙන් එම සිරප් වර්ගය ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක අලෙවිය තහනම් කර තිබෙනවා.
ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද කැස්ස සිරප් හේතුවෙන් 2022 වසරේදී ගැම්බියාවේ ළමුන් 70 කට වැඩි පිරිසක්ද මරණයට පත්වුණා.