ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඔස්ටේ්‍රලියානු රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම සිදුව තිබෙනවා.
ඒ මුදල් අමාත්‍යාශයේ දීයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කරන තිබුණා.
නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කාලෝචිත අයුරින් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ දැඩි කැපවීම මෙම ගිවිසුම් මඟින් පිළිබිඹු වනවා.
ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා මඟින්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන ලබා දීමට එකඟ වී තිබුණා.
මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ආසන්න වශයෙන් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39 ක් වනවා.













