එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තුන්වැනි එක් දින තරගයේදීයි.
ඔස්ටේ්‍රලියාවේ මැකේ හිදී පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම තම පන්දුවාර 50 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 431 ක්
රැස් කළා.
එය, වාර්තා වන්නේ ඔස්ටේ්‍රලියාව එක් දින තරගයකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මීට පෙර ඔවුන් 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 434 ක් ලබා ගත්තා.
මේ අතර, ඊයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව වාර්තාව වන්නේ කණ්ඩායමක් එක් දින තරගයක වාර්තා කළ 9 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මෙම ඉනිමේදී ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයින් තිදෙනෙකු ශතක 3 ක් වාර්තා කළා.
ඒ අනුව ට්‍රැවිස් හෙඩ් ලකුණු 142 ක් , කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 118 ක් සහ නායක මිෂෙල් මාෂ් ලකුණු 100 ක් ලබා ගත්තා.