ඕමානයේ මිනිස් ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනෙකු දෙසැම්බර් මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඔවුන් අතර මීට පෙර ඇපලබාදී සිටි සැකකාරියක් ද සිටින බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
මේ අතර 2014 වසරේ සිට කටාර් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සංක්‍රමණ ශ්‍රමිකයින් 343 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
මෙම මරණවලට හේතු ලෙස එම කාර්යාංශය පෙන්වා දෙන්නේ ස්වභාවික මරණ, සියදිවි නසා ගැනී්ම්, මිනීමැරුම් සිදුවීම්, මාර්ග අනතුරු, වෙනත් විවිධ අනතුරු මෙන්ම කොවිඩ් මරණ යන්නයි.