ඔස්ට්‍රේලියාවේ – උතුරු ක්වීන්ස්ලන්තයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණන් වැසිය සිය නිවාස හැර ගොස් තිබෙනවා.
එරට කාලගුණ අංශ සදහන් කළේ, පවතින අධික වර්ෂාවේ වැඩි වීමක් ඉදිරියේදී අපෙක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් ගංවතුර පවතින ප්‍රදේශවල පවුල්වලින් 10% ක් පමණ එහි රැඳී සිටීමට ද තීරණය කර තිබෙනවා.
මෙය වසර 60 කට පසු එම කලාපයට ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වය බවයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ