ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය අද පැවැත්වුනා.
පළමු දිනය නිමාවට පත්වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 93ක් රැස්කරගෙන සිටි අතර දෙවන දිනය ආරම්භ වූයේ කඩුලු 06ක් ඇතැතිව ලකුණු 119ක් පිටුපසින්.
එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට දැඩි අභියෝගයක් ලබා දෙමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක Pat Cummins කඩුලු 06ක් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.
එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් David Bedingham ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුණා.