ඔන් මැක්ස් ඩීටී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
ඒ අනුව සැකකරුව අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන බව කියන ඔන් මැක්ස් ඩීටී පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් මතයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.