කොළඹ – පුත්තලම හරහා යාපනය මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනය ලබන සදුදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මෙතෙක් ස්ථාන දෙකකදී ආරම්භ වූ ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස්රථ ධාවනය ලබන සතියේ සිට බැස්ටියන් මාවතෙන් ආරම්භ වනු ඇති.
මේ හරහා බස් රථ ධාවනයේදී පවතින තරගය අහෝසි වී යනු ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සදහන් කළා.
මෙලෙස කොළඹ සිට ඒකාබද්ධ කාලසටහනකට අනුව බස්රථ ධාවනය වීම සිදු වන්නේ ප්‍රථම වරට වීම ද විශේෂත්වයක්.