ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ලංගම සමගි සේවක සංගමයේ සභාපති නිරෝෂන් සම්පත් ප්‍රේමරත්න මහතා පැවසුවේ පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බවයි .
කෙසේවෙතත් සියලු පාර්ශවයන්ගේ අදහස් මත ඒකාබද්ධ කාලසටහන සකස් කිරීමේ කටයුතු සිදුකළ බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල මහතා පැවසුවේ.
මේ අතර කිසිදු හේතුවක් මත ඒකාබද්ධ බස් රථ ධාවනය කිරීම සදහා ගත් තීරණය වෙනස් නොකරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
කොලඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ මෙය විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු වන බවයි
මෙම තීරණයට එරෙහිව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ලංගම සමගි සේවක සංගමයේ සභාපති නිරෝෂන් සම්පත් මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් කිසිදු දැන්වත් කිරීමක් නිසි පරිදි සිදු නොවූ බවයි.