කිලිනොච්චිය, රාමනාදපුරම් ප්රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් නිලදාරීන්ට ප්රදේශවාසීන් පිරිසක් පහරදී තිබෙනවා.
පහරදුන් පිරිස, නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුද මුදාගෙන පලාගොස් තිබෙනවා.
ප්රහාරයට සැකපිට දසදෙනෙක් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවක් පස් දෙනෙක්ද වනවා.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් රාමනාදපුරම්, සුඩලකුලම් ප්රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ඊයේ(02) පෙරවරුවේ ගොස් තිබුණා.
ඊට සම්බන්ධ සැකකරුවෙක් එහිදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී තවත් පිරිසක් එහි කඩා වැටී ඇත්තේ යකට පොලු සහ ලී පොලු රැගෙන බවයි වාර්තා වන්නෙ.
ඔවුන් එහි සිටි නිලධාරීන්ට පහරදී පොලිස් අත්අඩංගුවේ පසු වූ සැකකරු මුදාගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.
ප්රහාරයෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට කිලිනොච්චිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.
පහරදුන් පිරිස සොයා රාමනාදපුරම් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම් ආරම්භ කළ අතර එම ප්රදේශයේම පදිංචි සැකකරුවන් පස් දෙදෙනෙකු සහ සැකකාරියන් පස් දෙනෙකු ඒ අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 16ත් 32ත් අතර හා සැකකාරියන් වයස අවුරුදු 26ත් 45ත් අතර වයස්වල වසුවන අය බව පොලිසිය පවසනවා.
ඔවුන් සියලු දෙනා කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.











