එවරස්ට් කන්දේ හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී තිබෙනවා.
ඉන් කඳු නගින්නන් 350 ක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිම කුණාටුවට හසුවී පුද්ගලයන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී සිට ඇති අතර, තවත් 200 කට වැඩි පිරිසක් සමඟ සබඳතා තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
මෙම හිම කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයට පිවිසෙන මාර්ග අවහිර වී ඇති අතර, සිරවී සිටින සෙසු කඳු නගින්නන් මුදා ගැනීම සඳහා ද මෙහෙයුම් ක්‍රියාත්මකයි.
එවරස්ට් කන්දේ නැගෙනහිර ප්‍රදේශයට ගමන් ගන්නා ටිබෙට් නිම්නයේ කඳු තරණය කරමින් සිටි පිරිසකුයි මෙම අනතුරට ලක්වුණේ.