Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට

    එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට

    2022-12-20කියවීමට මිනිත්තු 3ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ පස්වරුවේ සමත් වුණා.

    කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 128 ක්.

    දිනේෂ් චන්දිමාල් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගිය අතර, නිශාන් මදුෂ්ක ලකුණු 35 ක් ලබා ගත්තා.

    ඩොමිනික් ඩ්‍රකේස් ලකුණු 38 යි. පන්දු යැවීමේ දී තිසර පෙරේරා හා ෂොයිබ් මලික් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 25 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2 ක් පමණක් දැවී සිටියදීයි.

    එහිදී රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 40කින් ලකුණු 69 ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේ දී ඩොමිනික් ඩ්‍රකේස් හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ල බැගින් බිද හෙලුවා.

    ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මූලික වටය අවසන් කළේ ක්‍රීඩා කළ තරග 8 න් 6 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගනිමින්.

    කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 8 න් ජය ගත් තරග ගණන 3ක්.

    කෙසේ වෙතත්, මෙම කණ්ඩායම් දෙකම අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

    මේ අතර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

    කෙසේ වෙතත්, තරගාවලිය යටතේ අද පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් දඹුල්ල අවුරා කණ්ඩායම හමුවේ ගාලු කණ්ඩායම පරාජයට පත් වූයේ කඩුලු 4කින්.

    ප්‍රසාද ලකුණු සටහනට අනුව ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග 8 කින් 2ක් ජය ගනිමින් සිව්වැනි ස්ථානය තහවුරු කර ගත් අතර, දඹුල්ල ඕරා කණ්ඩායම තරග 8කින් තරග 2 ක් ජය ගනිමින් හිමි කර ගත්තේ 5 වැනි හා අවසන් ස්ථානයයි.

    ආශ්‍රීත පුවත්:  එල් පී එල් ඊයේ පැවති තරග වලින් කලම්බු සහ කැන්ඩි කණ්ඩායම් වලට ජය

    කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129 ක්.

    නුවනිදු ප්‍රනාන්දු පන්දු 42 කින් නොදැවී ලකුණු 63 ක් වාර්තා කිරීමට සමත් වුණා.

    පන්දු යැවීමේ දී මැතිව් ෆෝර්ඩ් ලකුණු 11 කට කඩුලු 4 ක් දවා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමටයි සමත් වුණේ .

    එහිදී මැතිව් ෆෝර්ඩ් පන්දු 30 කින් ලකුණු 52 ක් රැස් කළ අතර, ජෝර්ඩන් කොක්ස් පන්දු 21 කින් ලකුණු 34 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී නුවන් තුෂාර හා ඉමාඩ් වසීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

    ඒ අනුව තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

    එම තරගය එළඹෙන 21 වැනිදා පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    LPL 2022
    පෙර පුව​තපොලිස් නිල උසස් කිරීමට කැබිනට් අනුමැතිය
    ඊළඟ පුව​ත ඊසාන දිග මෝසමත් සක්‍රීය වෙයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group