එයාර් ඉන්දියා සමාගම අගෝස්තු 1 වනදා සිට තම ජාත්‍යන්තර ගුවන් ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම ඔක්තෝබර් 1 වන දින සිට සම්පූර්ණ සේවාවන් යථා තත්ත්වයට පත් කරන බවද ඔවුන් පැවසුවා
AI171 ගුවන් යානයට ජුනි 12 දින සිදු වූ අනතුරෙන් පසුව ආරම්භ කළ “ආරක්ෂිත විරාමය” අවසන් කරමින්, අදියරෙන් අදියර සේවාවන් නැවත ආරම්භ කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.
ඔවුන් අගෝස්තු 1 සිට තම ජාත්‍යන්තර ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙන මාර්ග කිහිපයක්ද විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා.