ඉදිරි සති කිහිපය සඳහා එයාර් ඉන්දියා ගුවන් සමාගමේ පුළුල් බඳ සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර මෙහෙයුම් සියයට 15කින් අඩු කරන බව එම ගුවන් සමාගම පවසනවා.
මෙම අඩු කිරීම අවම වශයෙන් ජූලි මැද භාගය දක්වා පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, එහි බෝයිං 787-8 සහ 787-9 ගුවන් යානා 33න් 26ක් පරීක්ෂා කිරීම අවසන් කර ඇති බවත්, එම 26 සේවය සඳහා අවසර දී ඇති බවයි.
ඉතිරි ගුවන් යානා ඉදිරි දිනවලදී පරීක්ෂා කරනු ලබන අතර, එහි බෝයිං 777 බලඇණිය සඳහා අමතර පරීක්ෂාවන් ද සැලසුම් කර ඇති බවයි එයාර් ඉන්දියා වැඩිදුරටත් සඳහන් කරන්නේ.