ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට ගුවන් ගත වී විනාඩි කිහිපයකින් අනතුරට ලක්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ ගමන් කළ මගීන් 230 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 12 ඇතුළු 242 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 171 ගුවන් යානය ලන්ඩන් බලා පියාසර කිරීමට ගුවන් ගත වී විනාඩි කිහිපයකින් ගුවන් තොටුපලේ සිට තරමක් දුරින් පිහිටි මේඝානි නගර් නම් ජනාකීර්ණ නගරයේ පිහිටි වෛද්‍ය සිසුන්ගේ නේවාසිකාගාරයක් මතට කඩා වැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
එම අනතුරෙන් යානයේ ගමන් කළ කිසිවෙක් දිවි ගලවාගෙන නොමැති බවත් ගොඩනැගිල්ලේ සිටි සිසුන්ගෙන් දෙදෙනෙක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
බොයිං 787-8 ඩී්රම්ලයින් ට්වින් ජේට් යානයක් වූ මෙම යානයේ ඉන්දියානුවන් 169 දෙනෙක් බි්රතාන්ය ජාතිකයන් 53 දෙනෙක් පෘතුග්‍රීසි ජාතිකයන් හත් දෙනෙක් සහ කැනේඩියානු ජාතිකයෙක් ගමන් කර ඇති බවයි ඉන්දියව වාර්තා පවසන්නේ.
එසේම මෙම අනතුරෙන් වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලේ සිටි සිසුන් විශාල පිරිසක්ද තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුර සිදුවන අවස්ථාවන වන විට ගොඩනැගිල්ලේ සරසවි සිසුන් විශාල ප්‍රමාණයක් සිට ඇති බවටත් ඔවුන් දිවා ආහාරය ලබාගනිමින් සිට ඇති බවටත් ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලින් දැකගන්නට හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.