එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය සඊද් බින් මුබාරක් අල් හාජිරි මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ සිදුවුණා.
එහිදී ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ විදේශ රැකියා වැඩි දියුණු කිරීම පිළිබඳවත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කර දෙන විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.
දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ප්‍රගතිය සහ යහපාලනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාව මෑත කාලීන අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා එහිදි රාජ්‍ය අමාත්‍ය සඊද් බින් මුබාරක් මහතාව දැනුවත් කළා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින්ට මෙරට ඇති පුළුල් පරාසයක විහිදුණු ආර්ථික අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වාදී තිබෙනවා.
එමෙන්ම මෙහිදී දෙරටේ ජාතීන්, රජයන්, ව්‍යාපාර සහ ජනතාව අතර හවුල්කාරිත්වය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම පිළිබදව ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.










