එන්සාල් තොගයක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(01) රාත්‍රී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන් තොටුපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් කර ඇති බවයි.
එහිදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද එන්සාල් කිලෝග්‍රෑම් 93ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියා සිටියා.
සැකකරු අවුරුදු 33ක් වන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
ගුවන් තොටුපොළ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













